ප්‍රතිභාන 2020

Click the following subjects to download tutorials and answers👇

📘Science     

📙Mathematics     

📗English

"දරුවන් රටක අනාගතයයි. ඔවුන් හෙට දින පුරවැසියන්ය. නිවැරැදි අධ්‍යාපනයක් තුළින් පමණක් නිවැරදි සමාජයක අඩිතාලම නිර්මාණය වේ. එබැවින් ඔවුන්ගේ නැණස පෑදීම රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි වටිනාම ආයෝජනයයි" 

-ශ්‍රීමත් ජවහර්ලාල් නේරු

එදාමෙදා තුර මාහැඟි සමාජ සේවා කර්තව්‍යයන් රැසක නියැලෙන අප පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජය මෙවරත් එබඳු ව්‍යාපෘතියකට මුලපුරා ඇත. “ප්‍රතිභාන 2020” වට්ටප්පොල මධ්‍ය මහා විද්‍යාලයීය 2021 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්‌ වෙනුවෙන් සිදුකෙරෙන අධ්‍යාපනික සත්කාරයක් ලෙස 2021 පෙබරවාරි සිට මාර්තු මාසය දක්වා සතිඅන්ත 6ක් පුරාවට ක්‍රියාත්මක වනු ඇත.



මෙම ව්‍යාපෘතිය මගින් සිසුන්ගේ ගණිත, විද්‍යා සහ ඉංග්‍රීසි දැනුම ඉහළ නැංවීමටත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා හොඳින් සූදානම් වීමට අත්වැලක් සැපයීමටත් අපේක්ෂිතය. ඒ සඳහා වටිනා නිබන්ධන පෙළක් මෙම සිසුන් සඳහාම නිර්මාණය කර ඇත්තෙමු. “ප්‍රතිභාන 2020” ලෙසින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේම එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන් සඳහා ගණිත, විද්‍යා හා ඉංග්‍රීසි සම්මන්ත්‍රණ මෙහෙයවීමටත්, සිසුන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය බෙදා දීමටත් අපේක්ෂිතය. 


මීට පෙර 2017-2019 වසරවලදීද, “ප්‍රතිභාන” වැඩසටහන් හරහා දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ දැනුම වඩවාලීම, උසස්පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාග වෙනුවෙන් අත්වැලක් සැපයීම පමණක් නොව ඔවුන්ගේ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීම උදෙසාද අප සංගමය විවිධ සමාජ සත්කාරයන්හි නියැලී ඇත. සුවහසක් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම නිබන්ධන මාලාව මෙලෙස තිලිණ  කරන්නෙමු. මෙම සමාජ සත්කාරය හුදෙක්ම සාමාන්‍ය පෙළ දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහාම වේ. 



Sir Jawaharlal Nehru once said, 

“ Children are the future of the nation and the citizens of tomorrow. Only through right education can a better order of society be built up.” 

Undoubtedly, cultivating their wisdom is the most valuable gift that can be given for the future of our country. 

‘ PRATHIBHANA‘ is one such attempt of the Rotaract Club of University of Peradeniya, to colour the lives of rural students who can’t reach their dreams due to lack of facilities. 
Previously, in the years of 2017/18/19, our club has been engaged in various social services not only to enhance the knowledge of students in rural areas and to provide assistance for O/L, A / L and scholarship examinations but also to maintain their health through the “PRATHIBHANA” programs.


This time, students of Wattappola Central College who are going to face the G.C.E O/L Examination will be benefited from ‘ PRATHIBHANA 2020’. It will be held throughout 6 weekends in the months of February and March of 2021, to uplift the knowledge of Mathematics, Science and English of students and to prepare them for the exam. Under the 'Prathibhana 2020' program, a series of Mathematics, English and Science seminars will be conducted for the O / L students of the school and educational stationery will be distributed to the students. 

It is our pleasure to share those tutorials we made especially for grade 10 students with you 
for the benefit of all.

Comments

Post a Comment

Popular posts from this blog

A Brief History of the Club

Reach for Water '19 - Donation of the Water Filter + Rotaract Road Trip